Sunday, July 06, 2025
Follow Us
ආර්ථිකය ජයගත හැකි ක්‍රමයක් ගැන රනිල් කථා කරයි

ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට අවුරුදු 20ක කාලයක් සදහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කලයුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාර්ගගත ක්‍රමය යටතේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ජාතික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම හරහා පළමු වසර 5 තුළ නව ආරම්භයක් ලබාගත හැකි බවයි එම සාකච්ඡාවේදී යොමුකළ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 115 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

(Neth)