මුදල් නොමැතිව බංකොලොත් භාවයට පත්වුණේ පසුගිය යහපාලන රජය බවත් වත්මන් රජයට කිසිසේත්ම එවැනි තත්වයක් උද්ගත වී නොමැති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.
ප්‍රශ්නය - ඔබතුමා දිගින් දිගටම කිව්වා ආණ්ඩුවට සල්ලි තියෙනවා කියලා. දැන් ඇත්තටම තවදුරටත් සල්ලි ප්‍රශ්නයක් නැද්ද ?
"සල්ලි තියෙනවානෙ. එහෙම නැත්නම් කොහොමද ගෙදර ඉන්න රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නෙ ? ආ ? කොහොමද ඕටී ටික ගෙවන්නෙ නැත්නම් ? සල්ලි තිබ්බෙ නැත්තෙ ගිය ආණ්ඩුවට, බංකොලොත් වුණේ. අපි බංකොලොත් වෙලා නෑ. අපි අදටත් රාජ්‍ය සේවකයින්ට නිසි දවසේ පඩි ගෙවනවා. ඒවා ගෙවන්න බැරිවුණොත් තමයි සල්ලි නැතිවෙන්නෙ. සල්ලි නෑ කියන්නෙ එහෙනම් බංකොලොත් වෙලානෙ"
ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹ, පාමංකඩ ප්‍රදේශයේ මාර්ග දෙපස ගස් සිටුවීමේ ව්‍යාපෘතියකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)