තමාට එරෙහිව බන්ධනාගාරය තුළින්ම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා. මේ දිනවල වැඩිම කතා බහකට ලක්වන දේශපාලන චරිතය වන ලොහාන් රත්වත්තේ මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින්.
වාර්තා වන සිද්ධින් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක්ද ක්‍රියාත්මකයි. අනුරාධපුර බන්ධනාගාරයේ ඉකුත්දා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් එම බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන අවසන්. අමාත්‍ය නාමල් රාජපක්ෂ ද අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින එල් ටී ටී ඊ රැදවියන් මුණගැසී පෙරේදා සාකච්ඡා කළේ ඔවුන් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් කර තිබූ ඉල්ලීමකට අනුවයි.
අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින එල් ටී ටී ඊ රැදවියන් දෙදෙනෙකු දණගස්වා හිසට පිස්තෝලයක් තබා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ තර්ජනය කර ඇති බවට ඉකුත්දා විවිධ වාර්තා පළ වුණා.
ලොහාන් රත්වත්තේ වැලිකඩ බන්ධනාගාරයට ද ගොස් එහි සිටින සිරකරුවන් පිරිසකට තර්ජනය කර ඇති බවටයි වාර්තා පළ වන්නේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගෙන් සෘජුව ප්‍රශ්න කළ නෙත් නිවුස් රතු කට්ට විහේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිසි නැරඹිය හැකියි.
(Neth)