Sunday, April 12, 2026
Follow Us
පක්ෂ නායකයින් අද රැස්වෙයි

පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන දින පිළිබද සාකච්ඡාවක්


පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පැවත්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතයි.
මෙහීදී ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හා ඊට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කරනු ඇත.

රට තුළ මේ වන විට පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මේ මස පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට පමණක් සීමා කිරීමට සිදුවිය.

(Aruna)