Friday, February 13, 2026
Follow Us
මුදල් පනත් කෙටුම්පතට කතානායකවරයා සිය සහතිකය තබයි

2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ඒ අනුව මුදල් පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇති. පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එහිදී පනතට පක්ෂව ඡන්ද 134 ක් හිමිවූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 44 ක් පමණයි.

(Neth)