ආණ්ඩුවේ වගකිව යුතු රාජ්‍ය ඇමතිවරයෙකු අනුරාධපුර බන්ධනාගාරය තුළදී නින්දිත හා නීතිවිරෝධී ලෙස හැසිරී සිදුකළ කලබැගෑනිය තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඇමතිවරුන්ට, රාජ්‍ය නිළධාරීන්ට රටේ නීතිය නොතකා, අශිෂ්ට ලෙස, පිළිකුල් සහගත ලෙස හැසිරීමට තරම් ශ්‍රී ලංකාව අරාජික තත්වයට පත්ව ඇති බව මෙවැනි සිදුවීම්වලින් පැහැදිලි වන බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.
රටේ ජීවත්වන සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව අවධාරණය කරන විපක්ෂ නායකයා පවසන්නේ මෙම නීතිවිරෝධී සහ නින්දිත ක්‍රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයක් බවයි.
මෙම සිදුවීමට සම්බන්ධ රාජ්‍ය ඇමතිවරයා වහාම ධුරයෙන් පහ කිරීමට කටයුතු කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
(LNW)