Saturday, July 05, 2025
Follow Us
එහෙන් ජනතාවට තුන්වේල නෙවෙයි දෙවේලක් කන්න කියනවා, මෙහෙන් මන්ත්‍රීලාට ගෙවල් 200ක් හදනවා - රංගේ

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ පටි තද කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතරේම ආණ්ඩුව නවක මන්ත්‍රීවරුන් සඳහා නිවාස 200ක් ඉදිකිරීමට සූදානම් වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"මුදල් අමාත්‍යාංශයත් මහබැංකුවත් කාබාසිනියා කරමින් රටේ උද්ධමනය වැඩි කරනකොට අගමැතිවරයා කියනවා නවක මන්ත්‍රීවරුන්ට ගෙවල් 200ක් ඉදි කරන්නය කියලා. ඒ නවක මන්ත්‍රීවරු මාධ්‍යයට ඇවිල්ලා කියනවා ජනතාව තුන්වේල නෙවෙයි දෙවේලක් කාලා ජීවත් වෙන්න හුරුවෙන්න කියලා. එහෙනම් තව ටික කාලයක් යනකොට මේගොල්ලොන්ගෙ ගෙවල් 200 හදලා ඉවරවේගෙන යනකොට කියාවි ඒ නිසා ඕගොල්ලො දෙවේල නෙවෙයි එක වේලක් කරන්න හුරුවෙන්න කියලා.

ජනතාවට පටි තද කරගන්න කියනවා, පාර්ලිමේන්තුවට තේරී පත්වෙච්ච මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වෙනුවෙන් නිවාස සංකීර්ණ හදනවා, ඒ වගේම ඒගොල්ලොන්ගෙ පහසුකම් වැඩි කරන්න කටයුතු කරනවා. අර ඉතාලියේ ඇන්ටනොයිට් බිසව කිව්වා වගේ පාන් කන්න බැරි නම් කේක් කාපල්ලා කියලා දැන් මේ රටේ මිනිස්සුන්ට බත් කන්න බැරි නම් පස් කාපල්ලා කියලා තමයි මේ ආණ්ඩුව කියන්නෙ"

පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)