Saturday, July 05, 2025
Follow Us
මැතිවරණය සම්බන්ධයෙන් සුවිශේෂී නඩු තීන්දුවක්

ඉදිරි මැතිවරණවලදී ඡන්ද දායකයාට අල්ලස් ලබා දුනහොත් මන්ත්‍රී ධූරය අහෝසි විය හැකි බව මොණරාල මහාධිකරණය ඊයේ ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවෙන් පැහැදිලි වන බව පැෆරල් සංවිධානය පවසනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාවට තරඟ කළ අපේක්ෂකයෙකු ඡන්ද දායකයින්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ගොණු කර තිබූ නඩුවකට අදාලව මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක විසින් එම තීන්දුව ලබාදී තිබුණා.

ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කළ අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා එම ධූරයට පත් කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.

මැත‘වරණවලදී අපේක්ෂකයින් වැය කරන මුදල් සීමා කිරීමට අදාල නීති රීති පැනවුවහොත් ඡන්ද දායකයින්ට අල්ලස් ලබාදීමේ තත්ත්වයන් වලක්වා ගත හැකි බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

(Neth)