ඇතැම් ආනයනික භාණ්ඩ මෙරටට ගෙන්වීම අත්හිටුවීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන්නේ පසුගිය මැතිවරණවලදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමක් ලෙස බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම සඳහා ලබාදුන් පොරොන්දුවලට ජනවරමක් ලැබුණු බවත්, ඒ අනුව දේශීයව නිෂ්පාදනය කළහැකි සියලු දේ ආනයනය අත්හිටුවා රටතුළ නිෂ්පාදනය කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ දේශීයව නිෂ්පාදනය කළහැකි සියල්ල රටතුළ නිපදවා ගැනීමෙන් තොරව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවයි. ඒ අනුව මෙරටදී නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ වර්ග 129 ක් ආනයනය අත්හිටුවීමට තීරණය කළ බවද ඔහු පවසනවා.
කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් සිටින බවත්, ආනයන අත්හිටුවීම හරහා ඉතිරි වන මුදල් ඒ සඳහා වැය කිරීමට හැකි වී තිබෙන බවත් චලන්ද්‍රසේන මහතා පවසනවා.
හදිසි නීතිය පැනවීමට කටයුතු කළේ ජනතාව මර්දනය කිරීම සඳහා බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇමතිවරයා සඳහන් කරන්නේ හදිසි නීතිය පැනවීමේ එකම අරමුණ වෙළඳ මාෆියාව පරාජය කර ජනතාවට එදිනෙදා අත්‍යවශ්‍ය වන භාන්ඩ හිගයකින් තොරව මිලදී ගැනීම සඳහා අවකාශ සැළසීම බවයි.
(LNW)