Saturday, July 05, 2025
Follow Us
අසාද් සාලිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට ඇප ලබාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සාලි මහතා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරයට සහ වෙනත් අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා මත පවරා ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කැඳවා තිබිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, සැකකරු ඇපමත නිදහස් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

(LNW)