රට දැවැන්ත අර්බුදයකට ගොස් සිටින අවස්ථාවකදී ජනතාවද කැපකිරීම් කළයුතු බවත්, පරිත්‍යාග කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කිසිවෙකුත් මෙවැනි මොහොතක වරදාන වරප්‍රසාද ඉල්ලීමට කටයුතු නොකළ යුතු බවයි.
පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.
රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබන පුද්ගලයන්ගෙන් බද්දක් අයකළ යුතු බවට පසුගියදා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේද ඒ අර්ථයෙන් බවත්, ඒ පිළිබඳව වැරදි අර්ථකථන සිදු නොකළ යුතු බවත් සාගර කාරියවසම් මහතා පවසනවා.
(LNW)