Saturday, July 05, 2025
Follow Us
කබ්රාල් මහ බැංකු අධිපති ධූරය භාරගැනීම නීතිවිරෝධී බව මන්ත්‍රී ඉරාන් කියයි

මහ බැංකු අධිපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම නීතිවිරෝධී කටයුත්තක් බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසුවේ අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුවත් කඩිනමින් මහ බැංකු අධිපති ධුරය සදහා පත් කළ නොහැකි බවයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ආරාධනයකට අනුව තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා බවයි.

දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්‍ෂ්මන් ඊයේ ප්‍රකාශ කළේ තමන් ලබන 14 වනදා මහබැංකු අධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නා බවයි. ඉකුත් සමයේ ඇති වූ සිත් තැවුල් හේතුවෙන් තමන් සැලසුම් කර දිනට පෙර විශ්‍රාම යන බවයි ඊයේ මාධ්‍ය පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)