Saturday, July 05, 2025
Follow Us
අපේ නායකයොවත් අපිවත් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ. අපට දේශීය චින්තනයක් තියෙන්නෙ - මධුර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සහ වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් සුද්දන්ගේ යට ඇඳුම් නොඅඳින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අවධාරණය කරයි.

"අපේ මේ නායකයො අපේ මේ ආණ්ඩුව සුද්දන්ගෙ යට ඇඳුම් අඳින්නෙ නෑ. මොකද අපි දේශීය චින්තනයක් එක්ක, දේශීය ආර්ථිකයක් හදන දැක්මක් තියෙන රටක්. එතකොට විපක්ෂය කවදත් කළේ චීත්ත අඳින එකයි අනුන්ගෙ යට ඇඳුම් අඳින එකයි විතරයි. ඒක නිසා තමයි අපට මේ ප්‍රකාශ වලින් පේනවා ඒක. විදේශයෙන් එන ඕනෙම කුණු ගොඩක් බාරගන්න, වැළඳගන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද පහුගිය දවස්වල ඕගොල්ලො අපි දැක්කානෙ කුණු කන්ටේනර් ගෙනාවෙ"

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)