Saturday, July 05, 2025
Follow Us
නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වෙයි

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු ලබන සතියේ දී මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි

වරලත් ගණකාධිකාරිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් 2006 ජූලි 1 දින සිට 2015 ජනවාරි 9 දින ඉල්ලා අස්වන තෙක් මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය තුළ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද හෙතෙම කටයුතු කළේය.

ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ හිටපු සභාපතිවරයෙකු ද වූ අතර දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ සභාපති තනතුරු ද දරා තිබේ.

(Aruna)