Saturday, July 05, 2025
Follow Us
උදිත් ලොකුබණ්ඩාරටත් රජයේ තනතුරක්

අගමැති හිටපු ලේකම් ආයිත් ලේකම් කරගනී


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට පත් කර ඇත.

අදාළ පත්වීම් ලිපිය ඊයේ (09) අරලියගහ මන්දිරයේ දීඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් උදිත් ලොකුබණ්ඩාර ට ලබා දුනි.

කෘතහස්ත දේශපාලඥයකු වූ විජමු ලොකුබණ්ඩාරගේ දෙටු පුත්‍රයා වූ උදිත් ලොකුබණ්ඩාර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත් වී 2015 වර්ෂය දක්වා 7වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

2015 මැතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් ද හෙතෙම කටයුතු කළේය.

(Aruna)