Saturday, July 05, 2025
Follow Us
79 ට ගෙනාපු සීනි තමයි මේ ආණ්ඩුව මැදිහත් වෙලා 122 ට විකුණන්නෙ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීම සඳහා ගැසට් පත්‍රයක් මගින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කිරීම හරහා සිදුව තිබෙන්නේද ජාවාරම්කරුවන්ට අවශ්‍ය පරිදි සීනි මිල ඉහළ දැමීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. සීනි මිල පාලනය කරන බව පවසමින් කිලෝග්‍රෑම් එකක් රුපියල් 79 කට ආනයනය කළ සීනි සඳහා රුපියල් 122 ක් 125 ක සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩකඩ සලසා දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසන්නේ.

මෙම ගැසට් නිවේදනය හරහා කිලෝ එකකින් රුපියල් 36 ක අසීමිත ලාභයක් උපයා ගැනීමට අවස්ථාව ලැබී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

සීනි මිල අඩු කරන බව පවසමින් සීනි ආනයනකරුවන්ට බදු සහන ලබාදී රුපියල් කෝටි 3500 ක බදු මුදලක් අහිමි කරගත් ආණ්ඩුව, දැන් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි ජනතාව ගසාකෑමට අවස්ථාව සලසා දී ඇති බවද විජිත හේරත් මහතා පවසනවා.

(LNW)