Saturday, July 05, 2025
Follow Us
යුආන්වලින් ණය ගත්තට ගෙවන්න වෙන්නෙ ඩොලර්වලින් - ඩොලර් මිලියන 250 ක් වත් නැතුව ගොඩ එන්න බෑ

මෙරට ආර්ථිකය ගොඩ ගැනීමට නම් අවම වශයෙන් ඇමරිකානු ‍ඩොලර් 250 - 300 ක් වත් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බංග්ලාදේශයෙන් හා චීනයෙන් පසුගිය දිනවල ලැබුණු මුදල් ආර්ථිකය ගොඩ ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ.

ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා චීනයේ යුආන් ඒකකයෙන් ණය ලබා ගත්තද ඒවා නැවත ගෙවීමට සිදු වන්නේ ඩොලර්වලින් බවද එජාප නායකයා පවසනවා. ඒ නිසා ඩොලර් වෙනුවට යුආන් වෙත හැරුණද එය විසඳුමක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අන්තර්ජාලය ඔස්සේ එජාප ජ්‍යෙෂ්ටයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර තිබෙනවා.

අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුවට ඇති එකම විසඳුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාම බව එජාප නායකයා මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධාරණය කර තිබිණි.

(LNW)