සීනි තොග සඟවා ජනතාවට දරා ගැනීමට නොහැකි වන තරමට සීනි මිල වැඩි කිරීම සඳහා ඉතා කාලකන්නි ලෙස කටයුතු කළේ විපක්ෂයට සම්බන්ධ පුද්ගලයන් බව මේ වනවිට ආනවරණය වී ඇතැයි පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
සීනි ආනයනකරුවන් විසින් රටේ විවිධ ප්‍රදේශවල සඟවා තබාගෙන සිටි සීනි මෙට්‍රික් ටොන් 30,000 කට වැඩි ප්‍රමාණයක් රජය භාරයට ගෙන ඇති අතර එම සීනි තොග රාජ්‍ය හා පෞද්ගලික අලෙවිසැල් මගින් පහසු මිලට අලෙවි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
පාරිභෝගික අධිකාරිය වැටලූ සෑම ගබඩාවක්ම විපක්ෂයට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ බවත්, එක්කෝ ඒවා හිටපු ඇමතිවරයෙකුට හෝ විපක්ෂයේ පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකුට හෝ සම්බන්ධ බවත් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරනවා.
ඒ අනුව කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටින ජනතාව අපහසුතාවයට පත් කරමින් සීනිවලින්ද ජනතාව ගසාකෑමට කටයුතු කර තිබෙන්නේ විපක්ෂය විසින් බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
(LNW)