අද (02) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 70 ක් සම්පූර්ණ වේ. 70 වැනි සංවත්සරය සැමරීමට සූදානමින් සිටින ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉවත්වීම සඳහා සූදානම් වන බවටද මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ පක්ෂයට වසර 70 ක් සම්පූර්ණ වන අද දිනයේදී විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට බලාපොරාත්තු වන බවයි.
ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන බවයි.
(LNW)