'වියත්මග ගෙනැල්ල, ඩිජිටල් ෂෝ දාල සුර ලෝකයක් මවල පෙන්නුවා. අපි ආවම සල්ලි ප්‍රශ්නයක් නෑ කිව්වා. සල්ලි හොයාගන්න හැටි අපි දන්නවා කිව්වා. හැබැයි, අද සීනි කිලෝ එකක්, කිරිපිටි පැකට් එකක්, ගෑස් සිලින්ඩරයක් ගන්න පෝලිමේ යන්න වෙලා.' යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මිලිටරි බලය යොදා වෙළඳපොල පාලනය කිරීමට උත්සාහ කළ ආණ්ඩු අද එයින්ද ෆේල් වී ඇති බව පෙන්වා දෙන හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, හදිසි නීතිය දමා හමුදා නිළධාරීන් යොදා අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළ හසුරුවන්න බැරි බව ආණ්ඩුව තේරුම් ගත යුතු බවයි. මීට පෙර මිලිටරි බලය යොදා සහල් මාෆියාව පාලනය කිරීමට උත්සාහ දැරූ නමුත් අවසානයේදී සිදු වූයේ සහල් මාෆියාව විසින් ආණ්ඩුව පාලනය කිරීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ආණ්ඩුවේ මේ ආර්ථික මොඩලය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් අවසානයේදී ජනතාවට කැඳත් නැතිවන තත්වයක් උද්ගත විය හැකි බවද හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
(LNW)