අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
2021 ජනවාරි 12 වැනිදා සිට මේ දක්වා දින 232 ක් සිරදඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා, දූෂණ හෝ වෙනත් අයථා චෝදනා නොමැති, සත්‍යය වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයෙකු මෙන්ම, වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම සිනමා නළුව් සම්මානය හිමිකර ගත් කලාකරුවෙකු බවත් විපක්ෂ නායකයා පෙන්වා දෙනවා.
මේ වනවිට රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස දේශපාලන, ජාති, ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් ඉල්ලා ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යහපත් ප්‍රතිචාර දැක්වූ බවද සිහිපත් කරන විපක්ෂ නායකයා, සියලු දෙනාගේ ඉල්ලීම් සලකා බලා රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
(LNW)