2021 වසරේ ජනවාරි සිට ජුලි අවසානය දක්වා කාලය තුළ රජයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 965ක් බවත් මින් ඉදිරියට මේ ක්‍රමයට රටේ ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි යැයි ආණ්ඩුව තේරුම් ගතයුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
"ජනවාරි ඉඳන් ජුලි මාසෙ ඉවර වෙනකල් රජයේ මුළු ආදායම රුපියල් බිලියන 800 යි. ජනවාරි ඉඳන් ජුලි මාසෙ ඉවර වෙනකල් රජයේ මුළු වියදම රුපියල් බිලියන 1765 යි. එතකොට රජයේ සමස්ත අයවැය හිඟය මේ මාස හතට රුපියල් බිලියන 965 යි.
ඒ කියන්නෙ හිතන්න, ආදායම බිලියන 800 යි - හිඟය ඊට වඩා වැඩියි, 965 යි. ඉතිං කොහොමද මෙහෙම රටක් දුවන්නෙ ? කෝ මේක තිරසාර වැඩපිළිවෙලක්ද ? ඉතිං ආණ්ඩුව තේරුම් ගන්න ඕනෙ දැන් ඒගොල්ලො තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් එහාට මේ ක්‍රමයට ආණ්ඩුවට යන්න බෑ. ආණ්ඩුව තීරණයක් ගන්න වෙනවා මොකක්ද අපි කරන්නෙ කියලා.
අපි නැවතත් බලාපොරොත්තු වෙන්නෙ පෝළිමේ ඉඳලා සීනි ග්‍රෑම් 100ක් 150ක් ගන්නද ? එහෙම නැත්නම් පාන් බාගයක් පාන් කාලක් ගන්නද ? එහෙම නැත්නම් හාල් ග්‍රෑම් 250ක් ගන්නද ? එතෙන්ට යන්නද මේ මහා ලොකු වියත්මග ගෙනල්ලා මහ විශාල ඩිජිටල් ෂෝ දාලා, සිස්ටම් චේන්ජ් කරලා, වියතුන් එකතුවෙලා රට සෞභාග්‍ය කරා ගෙනියනවා කියලා මිනිස්සු රවට්ටලා, ජාතිවාදය අවුස්සලා, ඒ කළේ මේ හාල් පෝළිමේ ගිහිල්ලා හාල් ග්‍රෑම් 250ක් ගන්නද ? එතෙන්ට යන්න ඕනෙ නම් එතෙන්ට යන්න පුළුවන් මේ හදිසි නීතිය හරහා. හැබැයි ඒක නෙවෙයි අපෙ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ. සෞභාග්‍ය කිව්වාම බලාපොරොත්තු වුණේ සව් බාගෙ නෙවෙයි"
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (31) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)