Saturday, February 14, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඇයගේ පියාට ඇප ලබාදෙන කළ ඉල්ලීමක් අධිකරණය යළිත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. සිය සේවාදායකයින් සඳහා ඇප ලබාදෙන ලෙයසි ඔවුන්ගේ නීතීඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඇයගේ පියාට ඇප ලබාදෙන ලෙස මීට පෙර අවස්ථා 02 කදී කළ ඉල්ලීම් ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි දැරියක් පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳ හා ඇයගේ පියා ඇතුළු සිව්දෙනෙකු මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

(Neth)