Saturday, February 14, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25කට කොවිඩ් හැදිලා

අසංක නවරත්නත් ලැයිස්තුවට එයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ දින සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනකුට වෛරසය ආසාදනය වී ඇත.

මේ පිළිබඳ පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් අරුණ අද( 30) විමසීමේදී ඔහු මේ බව සඳහාන් කළා.

අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අසංක නවරත්නටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනක වක්කුඹුර හා අසංක නවරත්න පමණක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

(Aruna)