Sunday, May 05, 2024
Follow Us
රට ගොඩගන්නවා කියාන ආ ජනපතියි වියත්මගයි දැන් රට නැවතත් 70 - 77 යුගයකට තල්ලු කරනවා - හර්ෂ

රට වැටුණු තැනින් ගොඩගැනීමට කියමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ වියත්මග සංවිධානයේ උපදේශකයින් මේ වනවිට රට යළිත් 1970 - 77 යුගයකට ඇදගෙන යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා ඔහුගේ වියත්මග ඇතුළු ඒ උපදේශක මණ්ඩලය කිව්වෙ ලංකාව සීඝ්රයෙන් දියුණු කරනවා, මේ වැටිච්ච තැනින් ගොඩගන්නවා කියලා. අනේ දෙයියනේ මොකද වෙලා තියෙන්නෙ ? වැටිච්ච තැනිනුත් පල්ලෙහාට තමයි දැන් අපි වැටෙමින් පවතින්නේ, අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ කූපන් ක්‍රමයට එහෙම නැත්නම් හාල්පොත් ක්‍රමයට නැවතත් අර 1970 - 77 කාලෙදි වාගේ පුද්ගලයින්ට ලබාදෙන.

සීනි කිලෝ එකක් රුපියල් 250 යි, බද්ද ශත 25 යි. ඊළඟට පරිප්පු කිලෝ එකක් රුපියල් 240 යි. සැමන් ටින් එකක් රුපියල් 350 යි. පාන් ගෙඩිය ගණං ගිහිල්ලා, කේක් ගෙඩිය ගණං ගිහිල්ලා, කිරි තේ එක ගණං ගිහිල්ලා, ගෑස් ටික හොයාගන්න නෑ. ඊළඟට කිරිපිටි කොහෙවත් නෑ ගන්න. එතකොට මේ රට නැවතත් මේ 1975 වගේ තැනකට තමා තල්ලු වෙමින් පවතින්නේ"

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)