Sunday, May 05, 2024
Follow Us
ඡන්දය හිමිද බලන්න වෙබ් අඩවියක්

2021 ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නමත් තිබේදැයි බලන්න


මේ වසර (2021) සඳහා ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා නිර්දේශවී තිබේද යන්න www.elections.gov.lk හෝ eservices.elections.gov.lk යන වෙබ් අඩවිවලින් පරීක්ෂා කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ වර්ෂයට අදාළ ඡන්ද හිමි නාම ලේඛන කෙටුම්පත් මෙමස 23 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා සෑම ග්‍රාම නිලධාරී කාර්යාලයකම ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබුණද, නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම නිසා නැවත දැනුම් දෙනතුරු එය ප්‍රදර්ශනය කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා පවසයි. මේ වසරේ ඡන්ද හිමියෙකු ලෙස යම් අයෙකු නිර්දේශවී නොමැති නම් ඒ සඳහා 2021/ER ආකෘතියක් (මෙම ආකෘතිය ග්‍රාම නිලධාරිවරයාගෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්ද, මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන්ද ලබාගත හැකිය.) කඩිනමින් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරි වරයාට භාරදෙන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වී නොමැති අයෙකුට www.elections.gov.lk වෙබ් අඩවිය හරහා ද ලියාපදිංචි විය හැකිය.

මේ වසරේ ජූනි මස 01 වැනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ (2003 මැයි 31 වැනිදා හෝ ඊට පෙර උපන්) අයට ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි විය හැකිය.

(Aruna)