Sunday, May 05, 2024
Follow Us
ලංකාවේ කර්මාන්ත කඩා වැටෙන තැනට පත්වෙලා. පඩි ගෙවාගන්නත් බෑ ඒ ආයතන වලට - දයාසිරි

ශ්‍රී ලංකාවේ කර්මාන්ත කඩා වැටෙන තැනකට මේ වනවිට පත්ව ඇති බවත් සේවක වැටුප් හෝ ගෙවාගැනීමට නොහැකි තත්වයකට බොහෝ ආයතන වැටී ඇති බවත් බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"මීට කලින් ලක්ෂ 23කට 25කට ගිහිල්ලා තිබ්බ සංචාරක පැමිණීම ගිය අවුරුද්දේ 15000කට පමණ අඩුවෙලා තිබුණා. අපි බලන්නෙ ලබන දෙසැම්බර් මාසෙ විතර වෙනකොට අපේ මේ වැක්සීන් ප්‍රමාණය එහෙම නැත්නම් මේ එන්නත්කරණය නිවැරදිව අවසන් කරගන්න පුළුවන් වුණොත් අපට දෙසැම්බර් මාසෙ නැවත අපේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න.

එනිසා ලංකාවේ කර්මාන්ත කඩාගෙන වැටෙන තැනකට දැන් පත්වෙලා තිබෙනවා. මොකද පඩි ගෙවන්න පුළුවන්කමකුත් නැති තත්වයට පත්වෙලා තියෙන්නෙ ආයතන ටිකට"

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ලක්සල ශාඛාවක් ඇමරිකාවේ ස්ථාපිත කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

(LNW)