Friday, July 04, 2025
Follow Us
මාස පහක් තිස්සේ CIDය විසින් රඳවාගෙන සිටි අසාද් සාලි රිමාන්ඩ් භාරයට

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (17) නියෝග කළේය.

අසාද් සාලි මහතා හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි අතර ඊයේ පස්වරුවේ එම රෝහලට ගොස් ඔහුගේ තත්වය නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කළ අතර ඔහුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තබා අවශ්‍ය ප්‍රතිකාර නිමවන තෙක් කොළඹ ජාතික රෝහලේ රඳවා තැබීමට ද අවසර ලබාදුන්නේය.

අසාද් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ මිට මාස පහකට පෙර, එනම් 2021 මාර්තු 16 වනදාය.

(LNW)