සිදුකළ කැබිනට් සංශෝධනය ඉඟුරු දීලා මිරිස් ගත්තා වැනි ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. කොරෝනා වසංගතය මර්දනය කිරීමට අපොහොසත් වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට, වසංගත මර්දනය දෙවියන්ට බාර කරන බව ප්‍රසිද්ධියේ පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍ය ධුරයට පත් කිරීම විහිළුවක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
කොවිඩ් වසංගතය හමුවේ නිවසට වී සිටින දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට අසමත් වූ, ගුරු වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අසමත් වූ ජී.ඇල්. පීරිස් මහතා වෙනුවට දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවත්, ඔහුගේ විසඳුම් මොනවාද යන්න පිළිබඳව බලා සිටින බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කරනවා.
පාර්ලිමේන්තු රැස්වීම් කල් දමමින් මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවය දෙන ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ආණ්ඩුවට මන්ත්‍රීවරුන්ගේ ජීවිත පමණක් වැදගත් වී ඇති බවයි. මේ වනවිට ඇතැම් නගරවල වෙළඳ සංගම් ආණ්ඩුවට වඩා ඉදිරියට යමින් ස්වයං ලොක්ඩවුන් ක්‍රියාත්මක කර ඇති බවත්, දැන් හොඳටම කරන්නේ වෙළඳ සංගම් බවත් නලින් බණ්ඩාර මහතා පවසනවා.
(LNW)