කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන මංගල සමරවීර මහතා මේ වනවිට ලංකා හොස්පිට්ල්හි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
සමරවීර මහතාට ප්‍රතිකාර ලබන වෛද්‍යවරුන් විසින් tocilizumab නමැති ඖෂධය නියම කර තිබිණි. කෙසේ නමුත් එම ඖෂධය මේ වනවිට මෙරට වෙළඳපොලේ සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා.
මංගල සමරවීර මහතාට අත්‍යවශ්‍ය අදාල ඖෂධය සපයා දීමට ඉදිරිපත් වී තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. ඔහු තමාගේ භාවිතය සඳහා මිලදීගෙන තිබූ අදාල ඖෂධය සිය දේශපාලන සගයා වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන්, සැබෑ දේශප්‍රේමියෝ සංවිධානයේ සාමාජිකාවක වන ශර්මිනී නාගහවත්ත සටහනක් තබා තිබෙනවා.
සැබෑ දේශප්‍රේමියෝ සංවිධානය රටට හඳුන්වා දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ 'ස' පමණක් නොව, 'සා' ද ෆේල් බවයි. ඔහු නොකියා කීවේ සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳවයි. කෙසේ නමුත් ඒවා අමතක කර මංගල සමරවීර මහතාට උපකාර කිරීමට ප්‍රේමදාස මහතා ඉදිරිපත්ව තිබේ.
(LNW)