රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම් ඇඳිරි නීතිය දැමීමට අවශ්‍ය නොවන අතර එසේ නම් වැඩිවශයෙන් රෝගය බෝවන්නේ සෞඛ්‍ය අංශවලට වන හෙයින් ඔවුන්ටත් ඇඳිරි නීතිය දැමිය යුතු වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
ඒ, පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක හමුවෙන අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම් මෙවැනි ප්‍රශ්න ගැන කතා කිරීමට සිදුනොවන බවත් සියල්ල පසුපස දේශපාලනය තිබෙන බවත් විපක්ෂය විසින් සියල්ල ඔවුන්ගේ වාසියට හරවා ගනිමින් මිනිසුන් මැරෙන්න හරිමින් බලාසිටින බව අමාත්‍යවරයා කියාසිටියේය.
මේ අතර දැනට නගර වශයෙන් වෙළෙඳ සංගම් හරහා තීන්දු ගෙන වසා දැමීම ගැන ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසූ අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ කළ යුතුව තිබුණේ උද්ඝෝෂණ සිදු වූ අවස්ථාවේ ඒවාට සහය නොදී කඩ වැසීම බවයි.
එමෙන්ම ඔවුන් දැන් උත්සහ කරන්නේ රට අක්‍රීය කිරීමට බවද හෙතෙම සඳහන් කරන ලදී.
(LNW)