කිරිපිටි සඳහා බදු 100%කින්ම ඉවත් කළ පසුව දේශීය වෙළඳපොලේ කිරිපිටි මිල පහළ යනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් අවාසනාවකට අපේ රටේ එසේ සිදු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
"ලෝකෙ පුරාම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 40%කින් විතර වැඩිවෙලා තියෙනවා. ඔබ කල්පනා කරන්න කිරිපිටිවල බද්ද 100%කින් අයින් කළා. එතකොට අපි අපේක්ෂා කරනවා දේශීය වෙළඳපොලේ කිරිපිටි මිල පහළ යයි කියලා. නමුත් අවාසනාවකට අපේ රටේ එහෙම සිද්ධ වෙන්නෙ නෑ. ඇයි අපි අමතක කරන්නෙ මහජන වගකීම පිළිබඳව ? මේ අර්බුදකාරී අවස්ථාවක අපේ මඩිය පමණක් තරකර ගන්න අපි උත්සාහ කරනවා නම් රජයකට කරන්න පුළුවන් මොකක්ද ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)