කොවිඩ් ආසාදිතයින් හා කොවිඩ් මරණ පිළිබඳ දත්ත වෙනස් කිරීම සිදුකරන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉහළම වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරියෙකු විසින් බවට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
"මෙතන ඉතාම සැලසුම් සහගතව දත්ත වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව. දැන් මං එද්දි විශේෂ තොරතුරක් මට ලැබුණා. මේකෙ තියෙනවා 11 වෙනිදා රටේ කරපු සමස්ත PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ. මේ PCR පරීක්ෂණ වලින් 11 වෙනිදා පොසිටිව් වෙලා තියෙනවා 4175ක්. ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 1239ක් පොසිටිව් වෙලා තියෙනවා. එතකොට මේ තොරතුරු එකතු කරපුවාම 11 වෙනිදා විතරක් 5414ක් පොසිටිව් වෙලා තියෙනවා.
එතකොට මේකෙන් හරි පැහැදිලියි මේ දත්ත වෙනස් කිරීමේ යම්කිසි උත්සාහයක් වැඩපිළිවෙලක් යම් කණ්ඩායමක් විසින් කරගෙන යනවා කියන එක. ඉතාම පැහැදිලිව මේ වැරදි තොරතුරු දීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් මේ දත්ත වෙනස් කිරීමේ ක්‍රියාවලට සම්බන්ධයි කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරියෙකුත් එකතුවෙලා තමයි මේ තොරතුරු වෙනස් කිරීම කරන්නෙ. අපි යුධ හමුදාපතිතුමාටත් කියනවා ඕනෙ නම් කවුද මේ ඉහළ නිලධාරියා කියලා හොයලා බලන්න පුළුවන්. ජනාධිපතිතුමාට මේ දත්ත ඉදිරිපත් වෙන්නෙ වැරදි විදියට නම් ඒ තීරණ ගන්න වෙන්නෙත් දත්තවලට සාපේක්ෂව" යනුවෙනුයි ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේ.
මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයෙහි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)