Friday, July 04, 2025
Follow Us
මංගල සමරවීරට කොවිඩ්

තමන් හමුවන්න ආව අයට නිරෝධායනය වෙන්න කියයි


හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔහුට සිදු කළ පි.සි.ආර් පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇති අතර තමාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් තමන් හමුවීමට පැමිණි අයට නිරෝධායනය වන ලෙසට ඔහු දැනුම් දී තිබේ.

මේවන විට හිටපු ඇමතිවරයාගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටින බව වාර්තා වේ.

(Aruna)