කොවිඩ් ආසාදනය වූ රාජ්‍ය අමාත්‍යවරයා තැබූ සටහන
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට කොවිඩ් ආසාදනයවීම පිළිබදව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා ඇත.
එම සටහන පහතින්…..
නිරෝධායනයෙන් පසු සිදුකල PCR පරීක්ෂණයෙන් මට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පසුගිය දින කිහිපය පුරා රාජකාරි කටයුතු වලදී සෞඛ්‍ය නිර්දේශ මත ක්‍රියාකල බැවින් බොහෝ දෙනෙක් ආරක්ෂිත යැයි විශ්වාස කරමි. එසේ වුවත් සමීපතමයන් සියලු දෙනා PCR හෝ Antigen පරීක්ෂාවක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. සැවොම එක්ව ආරක්ෂා වී කෝවිඩ් වසංගතයෙන් අපි හැමෝම මිදෙමු.
(Aruna)