පසුගියදා සිදු කිරීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනය ලබන අඟහරුවාදා පැවැත්වීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ. මෙම සංශෝධනය යටතේ අමාත්‍ය ධුර කිහිපයක් පමණක් සංශෝධනය වන බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් පසුගිය කාලයේදී දැඩි කතාබහට ලක් වූ සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ගලවා වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිත බව පසුගිය දිනවලදී වාර්තා විය.
ජී.ඇල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් පත් කිරීමට නියමිත අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඩලස් අලහප්පරෙුම මහතා අතර ඇමති ධුර මාරුවක්ද සිදුවීමට නියමිතව තිබේ.
(LNW)