Friday, July 04, 2025
Follow Us
සරත් ෆොන්සේකාගෙන් ජනපතිට ඉල්ලීමක්

ඉලක්කම් 4ට යන මරණ නවත්වන්න සති දෙකකට රට වහන්න


පවතින තත්ත්වයෙන්ම රට ඉදිරියට ගියහොත් සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉලක්කම් 4ක් සංඛ්‍යාවක් දක්වා වැඩිවිය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇති බැවින් අවම වශයෙන් සති දෙකකටවත් රට වසා දමන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලනවා.

සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් හෙතම මේ ඉල්ලීම කර ඇති අතර, රට වසා දැමීම තුළින් මරණ සංඛ්‍යාව ඉලක්කම් 3කින් නවතා ගමු ලෙසද ඔහු යෝජනා කර තිබෙනවා.

තෙවැනි එන්නත් මාත්‍රාවක් ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති නම් ෆයිසර් හෝ මොඩෝනා වැනි ශක්තිමත් එන්නතක් ලබා දෙන ලෙසද සිය පනිවිඩය මගින් ඔහු වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.

(Aruna)