Friday, July 04, 2025
Follow Us
කොවිඩ් දත්ත තවදුරටත් හැංගුවොත් යුද හමුදාපති ශවේන්ද්‍රට එරෙහිව අපි පාරට බහිනවා - හේෂා

කොවිඩ් මර්දන බලකායේ ප්‍රධානියා ලෙස යුද හමුදාපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ කාරණාව අවබෝධකර නොගෙන ඔහු ලබාගත් එන්නත ගැන කියව කියව නොසිට අවශ්‍ය දත්ත නිවැරදිව රටට ප්‍රකාශ කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

තවදුරටත් ජනතාව රවටමින් ජනතාවට විනකරමින් කටයුතු කරන්නේ නම් යුද හමුදාපතිවරයාට එරෙහිව පාරට බසින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ අතර කරුණාකර කොවිඩ් ව්‍යාප්තිය,මරණ පිළිබඳ සැබෑ තොරතුරු ජනතාවට පවාන ලෙස මන්ත්‍රීවරයා අවධාරණය කරන අතර රට වසා තැබුවහොත් ජනතාවට කන්න දෙන්න හැකියාවක් නැත්නම් එයද නොවලහා පවසා ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ලෙසයි ඔහු ප්‍රකාශ කරන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසන පරිදි මෙය දෙවියන්ට භාර දෙන්න අවශ්‍ය නම් ගෝඨාභය කෙනෙකු ජනාධිපති ලෙස ජනතාව තෝරා නොගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

(LNW)