Saturday, February 14, 2026
Follow Us
ජනාධිපති - ශ්‍රීලනිප සාකච්ඡාව සතියකින් කල් යයි

(21) පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප නායකයන්ගේ සාකච්ඡාව ලබන 27 වැනිදා දක්වා කල්දමා තිබෙනවා. මෙම සාකච්ඡාව කල්දමා තිබෙන්නේ කුමන හේතුවක් මතද යන්න හෙලි වී නොමැත.

ආණ්ඩුව තුළ ශ්‍රීලනිප පාර්ශ්වයට බලපා ඇති ගැටලු සහ කෙනෙහිලිකම් සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දිගින් දිගටම ‍ශ්‍රීලනිප මැති ඇමතිවරුන් පෙන්වා දුන් නමුත් මේ දක්වා එම ගැටලු විසඳී නොමැත. ශ්‍රීලනිප නායකයන් ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් සිටින්නේ එම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර විසඳුම් ලබා ගැනීම සඳහායි.

(LNW)