Saturday, July 05, 2025
Follow Us
අගෝස්තු පළමු සතියේ දින හතරක් පාර්ලිමේන්තුව රැස්වෙයි

ලබන අගෝස්තු මස පළමු සතියේ දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම පැවැත්වීමට තීරණය කර තිබේ.


ඒ අනුව අගෝස්තු මස 03, 04, 05 සහ 06 යන දිනවලදී රැස්වීම් පැවැත්වීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කාරක සභාවේදී තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ එම දිනයන් හි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත, සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බවයි.

(Aruna)