Wednesday, May 01, 2024
Follow Us
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 3 න් 1 කින් අඩු කිරීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

ඒ අනුව මීළඟට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ක‍්‍රමයේ වෙනසක් සිදු නොකර සභික සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

(Neth)