Wednesday, May 01, 2024
Follow Us
මේ මොහොතේ රටට අවශ්‍ය ජනාධිපති අපේක්ෂකයෙක් නෙවෙයි - පොහොට්ටුව

ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ එක් කරගනිමින් "ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ" නමින් නව සන්ධානයක් බිහිකිරීමේ සියලු කටයුතු මේ වනවිට අවසන්ව ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එම නව සන්ධානය එළිදක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එම සන්ධානය සඳහා සැකසූ නව ව්‍යවස්ථාවට සියලු පක්ෂවල අනුමැතිය ලැබී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානයක් බිහිකිරීමේ සාකච්ඡා ද බිඳවැටී නොමැති බව පැවසූ ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ද නුදුරේදී පැවැත්වෙනු ඇති බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයක් කැඳවීමට තවත් දින 113ක් තිබෙන බව පැවසූ ඒ මහතා මේ මොහොතේ මේ රටට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු නොව නායකයකු බවත් අවධාරණය කළේය.

රටට කශේරුකාවක් අවශ්‍ය වී ඇති බව පැවසූ ඒ මහතා තව දින 10කින් තම නායකයා එළිදක්වන බවත් සඳහන් කළේය.

(LNW)