Wednesday, May 01, 2024
Follow Us
පොහොට්ටු සමුළුවට අපට ආරාධනා නෑ - ශ්‍රීලනිප

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත සමුළුවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනයක් ලැබී නොමැති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පුද්ගලිකව ආරාධනා ලැබුණත් තමන් නම් එහි නොයන බවයි ඒ මහතා සඳහන් කළේ.

පක්ෂයක් ලෙස ආරාධනයක් ලැබෙන්නේ නම් පක්ෂය ලෙස තීන්දුවක් ගෙන සහභාගී වනවා මිස තමන්ට පුද්ගල සාධක වැදගත් නොවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් තම පාර්ශ්වයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

(LNW)