Thursday, January 01, 2026
Follow Us
රාජිත සහ චතුර අද අපරාධ කොට්ඨාසයට

මාධ්‍යවේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ අද (22 වැනිදා) පෙනී සිටීමට නියමිතය.

තමන් එලෙස ප්‍රකාශ ලබාදීමට පැමිණෙන බව රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න නීතිඥවරයකු මගින් ලිඛිතව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය රාජිත සේනාරත්නට සහ චතුර සේනාරත්නට දැනුම් දී තිබුණද, කලින් යොදාගත් දේශපාලන කටයුතු හේතුවෙන් එලෙස කැඳවනු ලැබූ දිනයන්හි පැමිණිය නොහැකි බව සිය නීතිඥවරයා මාර්ගයෙන් ඔවුන් ලිඛිතව පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව තමන් අද (22 වැනිදා) දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බව රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න සිය ලිපිය මගින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත.

(Aruna)