Tuesday, August 26, 2025
Follow Us
කාටවත් බයේ සංවර්ධනය නවත්තන්න බෑ. රටට වින කරන දේවානිලා එළවන්න ඕනේ - ඇමති ලන්සා

රටේ සංවර්ධනයට බාධා කරන, ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය වැනි අය එළවා දැමියයුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.

"මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න ගියාම, මේ නුවරට එන මාර්ගය හදන්න ගියාම දේවානි ගිහිල්ලා හිටගත්තා ලෝකෙ තියෙන එකම ගහ මේක කියලා නේ ? ඒ ගෙදර අයිතිකාර මහත්තයාම කියනවා එක ගහක් නෙවෙයි නෝනා අපේ ගෙදරම ගස් අටක් තියෙනවා කියලා. දැන් එයා කියනවා මගේ වත්තෙ ගෙනල්ලා මේක හිටවන්න කියලා. දේවානිලා කියනවා එහෙම බෑ, අධිවේගී මාර්ගය වෙනස් කරන්න කියලා.

අධිවේගී මාර්ගය වෙනස් කරන්න හාමුදුරුවනේ ලක්ෂ 88,000ක් යනවා. ඒ හින්දා මම ඉතාමත්ම පැහැදිලිව කියන්නෙ, මේ රටට වින කරන දේවානිලාව එළවන්න ඕනෙ. ගිහිල්ලා ගහක් ළඟ හිටගෙන පින්තූර දාපුවාම ලෝකයේ විවිධ රටවල් තියෙනවා සල්ලි ගෙවනවා මේගොල්ලන්ට. මේගොල්ලො කරන්නෙ ඒක. දේවානිලාට බයේ, එහෙම නැත්නම් තව කාටහරි බයේ මේ සංවර්ධන කාර්යයන් නවත්තන්න යන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය නිමල් ලංසා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති රැස්වීමක් අමතමිනි.

(LNW)