Thursday, January 01, 2026
Follow Us
පළාත් සභා මැතිවරණය අගෝස්තු මාසයේදී ?

පළාත් සභා මැතිවරණය බොහෝවිට 2021 අගෝස්තු මාසයේදී පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචිමාර්ග පවසයි.

පැරණි සහ අලුත් ක්‍රම දෙකෙහි මිශ්‍රණයක් වශයෙන් මෙම මැතිවරණය පැවැත්වීමට නීති සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් සභා මැතිවරණයේදී සිය අපේක්ෂක ලැයිස්තු වලින් 25%ක් කාන්තා සහ තරුණ නියෝජනය වෙනුවෙන් වෙන් කිරීමට ද තීරණය කර ඇති බවත් වාර්තා විය.

ඒ ඒ ප්‍රදේශවල සිටින ජනගහණ අනුපාතයට අනුව ඒ ඒ ජනකොටස්වලට නියෝජනය ලැබෙන පරිදි අපේක්ෂක ලැයිස්තු පිළියෙල කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

(LNW)