Thursday, January 01, 2026
Follow Us
පළාත් සභා මැතිවරණය පවත්වන්න ඇති හැකියාව ගැන මැතිවරණ කොමිසම හෙළි කරයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බාධාවක් වී ඇති නීතිමය ගැටළුවලට විසඳා දෙන්නේ නම් මාස එක හමාරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ අදාළ නීතිමය ගැටළුවට කඩිනමින් විසඳුම් ලැබෙනු ඇතැයි මැතිවරණ කොමිසම විශ්වාසයෙන් පසුවන බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමටයි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත්තේ.

(Neth)