Tuesday, August 26, 2025
Follow Us
ඇමති රෝහිත අල්ලස් නඩුවෙන් නිදහස්

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ මහතා අද (19) නියෝග කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවය.

ඒ අනුව විත්තිකාර රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ව නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා වත්කම් සහ මුදල් උපයාගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණ.

(Aruna)