Tuesday, August 26, 2025
Follow Us
පුස්වෙඩිද ජීව උණ්ඩද කියන එක ඉදිරියේදී අනුර කුමාරටම බලාගන්න පුළුවන් වෙයි - ඇමති වීරසේකර

රටේ වංචා දූෂණ වාර්තා වෙද්දී ජනතා අවධානය වෙනතක යොමුකිරීම සඳහා අමාත්‍ය සරත් වීරසේකර මහතා දිගින් දිගටම පුස්වෙඩි පත්තු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චෝදනා කර තිබිණි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (18) දිනයේදී ඊට ප්‍රතිචාර දැක්වූයේය.

"ඉල්ශාම් සහ ඉන්ශාම් තමයි පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන සහෝදරයින් දෙදෙනා. ඔවුන්ගෙ පියා තමයි ඊබ්‍රාහීම්. ඔවුන් තුන්දෙනා තමයි ලක්ෂ 300ක් දුන්නෙ සහරාන්ට මේ ප්‍රහාරය කරන්න. එතකොට ලක්ෂ 300ක් දුන්න ඊබ්‍රාහීම් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙ ඉන්නෙ. ඒ සම්බන්ධයෙනුත් මං හිතන්නෙ අනුර කුමාර දිසානායකට නුදුරු අනාගතයේදීම පැහැදිලි කිරීමක් කරන්න වෙයි. ඒ නිසා එයාගෙ පුස්වෙඩිලි කතාවලට අපි රැවටෙන්නෙ නෑ. ඒවා ජීව උණ්ඩද කියන එක ඉදිරියේදී අනුර කුමාර දිසානායකටම බලන්න පුළුවන් වෙයි" යනුවෙනුයි ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)