නිදහසින් පසු අප රටේ ආණ්ඩු පෙරළි 10ක් සිදුවූ බවත් ඒ අතරින්; 1956 බණ්ඩාරනායක යුග පෙරළිය සහ 1977 ජේ.ආර්.ජයවර්ධන යුග පෙරළීන්, කුමන විවෙචන තිබුන ද සුවිශේෂී වන බව ද කොළඹ හයිඩ් පිටියේදී සමගි ජන බලවේගය පළමු සංවත්සරය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය.
1956 බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ප්‍රභූන් වෙනුවට ස්වභාෂාව කතාකරන නිර් ප්‍රභූන් පිරිසක් දේශපාලනයට ගෙන ඒමට ඉන් හැකියාවක් ලැබුනු බවත් 1977 ජේ.ආර්.ජයවර්ධන යුග පෙරළිය ආපසු හැරවිය නොහැකි යුග පෙරළියක් බවත් ඔහු පවසයි.
බැසිල් රාජපක්ෂ කරගෙන යන වැඩ පිළිවෙලින් හුදු ආණ්ඩු පෙරලියක්, ඔලු ගෙඩි මාරුවක් ඉතා ඉක්මනින්ම කරගත හැකි වුව ද අද රටට අවශ්‍යව ඇත්තේ එවැන්නක් නොවන බවත් අද රටට අවශ්‍ය වන්නේ නව තරුණ පරපුරට ශක්තිය ලැබෙන, මේ රට තමන්ගේ දෑතින් ගොඩ නැගිය හැකිය යන ආත්ම ශක්තිය, බළය ඇති කරණ යුග පෙරලියක් ඇති කිරීම යුගයේ අවශ්‍යතාවය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ සඳහා එකතු කළ හැකි සියලු බළවේග එකතු කරගෙන අලුතෙන් හිතන, අලුතෙන් ගමන් කරණ ඒ වගේම හැකියාව, දක්ෂතාවයට මුල්තැන දෙන මහා බළයක් බවට මේ බළවේගය පත්කර එකට සිටගෙන ජයග්‍රහණය කරා යෑමට අදිටන් කරගන්නා මෙන් සියලු දෙනාටම ආරාධනා කරණ බව ද අවසන් වශයෙන් ඔහු පවසා සිටියේය.
(Lanka Leads)